කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..
රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි.
රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම සඳහා මෙම දින පොත ලබාදීම මෙතෙක් සිදුවී නමුත් 2023 වසරේ එය නිකුත් නොකිරීමට කටයුතු කර ඇත.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා විසින් මෙම දින පොත මුද්‍රණය කරනු ලැබුවත් ඇතිව තිබෙන කඩදාසි හිගය සහ උද්ධමනය මත මෙවර එය මුද්‍රණය කිරීමට කටයුතු කර නැත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයට හෝ මෙම දින පොත් මෙවර ලබාදී නැති බව ද වාර්තා වෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

