පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 සිට
ජනවාරි 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
එසේම ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීමද දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විට නිකුත් කර ඇති බවද මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.
මෙම දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

