Latestදේශීය

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වේ.

හෙළ සිනමාවේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 88 වැනි වියේ පසුවූ බව සඳහන්.ගැහැණු ළමයි,යහළු යෙහෙළි,මායා සාගර ජලය මදි හැඩුවා ඔබ හින්දා,ලොකු දුව,ගඟ අද්දර, සක්මන් මළුව ආදී චිත්‍රපටි රැසක් මෙරට සිනමාවට එක් කරනු ලැබුවේ සුමිත්‍රා පීරිස් මහත්මියයි.

ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට වන සරසවි සම්මාන,ජනාධිපති සම්මාන ,ඕසීඅයිසී සම්මාන ඇතුළු සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *