Latestදේශීය

23 සිට කළු සතියක් – GMOA

රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව ඊයේ (18) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවය.

ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සදහන් කළේය.

Adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *