තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් (23) අවසන්
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන අතර අද දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

