Latestදේශීය

අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡා

අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු විය

මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති ආචාර්ය සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා (H. E. Dr. Zuhair M. H. Dar Zaid) සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් වූ අතර එහි දී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් පිළිබඳ ව මෙන් ම අරාබි රටවල්වලට යන මෙරට පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *