මුදල් ඇමති දිවයිනට
විදෙස් සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) අලුයම දිවයිනට පැමිණ තිබේ.
මුදල් අමාත්‍යවරයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.05ට පමණ දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වන දා දිවයිනෙන් පිටත්ව ගියේය.
මේ අතර මුදල් අමාත්‍යවරයා ලබන 10 වැනි දා සිට 12 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

