ලංකා සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහළට
ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් අද (26) සිට ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ. එම භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.
වියලි මිරිස් 1 kg – රු1700.00
සුදු කැකුළු (දේශීය) 1 kg – රු169.00
රතු කැකුළු 1 kg – රු179.00
සුදු නාඩු (දේශීය) 1 kg – රු 184.00
රතු පරිප්පු 1 kg – රු 365.00
කීරි සම්බා -1 kg – රු 235.00
මෙම සියලූ භාණ්ඩ ඉහත සඳහන් මිළ ගණන් යටතේ රට පුරා විහිදී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බව ලංකා සතොස අලෙවි අංශ ප්‍රධානී ,සවන් කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

