Latestදේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා සඳහන් කළේ අද පස්වරු 01.00ට පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති ,හිටපු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රථම වතාවටයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවේදී රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවීමට නියම වූ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ මාධ්‍ය තුළ දැඩි උණුසුම් කතිකාවක් නිර්මාණය විය. එම වන්දිය ගෙවීමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නැති නිසා හිතවතුන්ගෙන් ආධාර ලබාගෙන අදාල වන්දි මුදල ගෙවීමට තීරණය කළ බව පසුගිය කාලයේ විටින් විට මාධ්‍යයට අදහස් දක්වමින් සිරිසේන මහතා පැවසුවා.

තවද නිදහස් ජනතා සංධානයේ ප්‍රධානම පාර්ශවයක් ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීමටද තීරණය කර තිබෙන වටපිටාවක අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තීරණාත්මක වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *