Latestදේශීය

වසන්ත නිදහස්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවෙන් වසන්ත මුදලිගේ නිදහස් කරමින් වූ නියෝගය නිකුත් කරනු ලැබුවද ඒ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ  නඩු තුනක් හේතුවෙන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

 නමුත් අද දිනයේදී නැවත එම නඩුව කැඳවීමෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  මහතා ට ඇප හිමිව තිබෙනවා

මෙම අන්තනෝමතික අත්අඩංගුවට ගැනීම සමග එහිදී තමන්ට මුහුණ දීමට සිදුවූ  සියළු තත්වයන්  සහ ආණ්ඩුවේ කුමන්ත්‍රණය කුමක්ද යන්න හෙලිකිරීමට හෙට දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි වසන්ත මුදලිගේ  මහතා නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ.

මාස 6ක පමණ කාලයක සිට ඊයේ දිනය දක්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *