Latestදේශීය

අද කාලගුණ නිවේදනය

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහනැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට  නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින්  පැවතීම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තවද මි.මී.100 ඉක්මවූ   තද වැසි උතුරු, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවල බලාපොරොත්තු විය හැකි බවද උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ වයඹ යන  පළාත්වල විටින් විට හමන පැ.කි.මී 40-50 පමණ තද සුළං ද බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ දක්වා ඇත.

මෙම කාලගුණ තත්වය හේතුවෙන්  ගිගුරුම් සහිත වැසි සහ   තාවකාලික තද සුළං    නිසා ඇතිවන අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?