ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකුට විශේෂ සමාව
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් දෙදෙනකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර කළ බවයි.
මෙම රැඳවියන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ මෙම රැඳවියන් දෙදෙනාගෙන් එක් අයෙකු වව්නියාව මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබූ අතර අනෙක් තැනැත්තා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබු අයෙක්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

