ජෝ බයිඩන්ගෙන් මෝදිට ඇරයුමක්
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක් සිදු කර තිබේ.ඒ අමෙරිකාවේ සංචාරයකට පැමිණීම සදහායි.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති බවයි. නමුත් ඒ සඳහා දිනයක් වෙන්කර නොමැත.
මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටි.දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

