Latestදේශීය

අද දවසේ කාලගුණ අනාවැකිය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දක්වා ඇති නිවේදනයේ සඳහන් වන්නේ දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන්කර ඇති නිසා අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් ඇතිවන බලපෑම අඩුවනු ඇතැයි  අපේක්ෂා කරන බවයි.

අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර  දිවයිනේ සෙසු ප්‍රදේශවල ද  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි  බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනයේ සඳහන් සඳහන් ආකාරයට දකුණු පළාතේ උදෑසන කාලයේදීද මද වැසි තත්වයක් ඇතිවිය හැකි බවද , බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *