Latestදේශීය

තුර්කියේ තවත් ප්‍රභල භූ කම්පනයක්

තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා

එහි ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් මාපකයේ 7.5ක් ලෙසයි

අද (06) අලුයම තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදුවූ භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන 1500 ඉක්මවා තිබෙන අතර

මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. භු කම්පනයෙන් තවත් තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

තුර්කි වේලාවෙන් අද (06) අලුයම 4.17ට පමණ ඇතිවූ පළමු භුමි කම්පනය රික්ටර් මාපකයේ 7.8කප්‍රභලත්වයකින් යුක්‍ත විය.

ඉන් අනතුරුව ද   පසු කම්පන කිහිපයක්ම ඇතිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පන තත්වයන් හේතුවෙන් විශාල ජීවිතහානි ප්‍රමාණයක් සිදුව ඇති අතර එම ප්‍රමාණ තවදුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ ගොඩනැගිලි ද සම්පූර්ණයෙන් විනාශ වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *