මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 34 හැවිරිදි පුද්ගලයෙකි.
කඹුරුගමුව බොරෝල්ල මාර්ගයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාරගයකදී මෙම අනතුර සිදුව ඇත්තේ මාතර සිට මහනුවර බලා අද පස්වරුවේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් හා මෝටර් රථය ගැටීමෙන්.
කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

