Latestදේශීය

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් පියා සහ දියණිය ඔයට වැටී මියයයි

කුඹුක්කන් මාරුව ඔය නැරඹීමට ගොස් පියා සහ දියණිය ඔයට වැටී මියගිය පුවතක් වාර්තා වෙනවා.

 අද දහවල් ඔවුන් ඔය නැරඹීමට ගොස් සිටි අවස්ථාවේ පියා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටයාමේ දී ,ඔවුන් දෙදෙනා ඔයට වැටී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන්වූ ඔහු පියා සහ දියණිය සොයා ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හා ස්වේච්ඡා  කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුම් දියත් කළා.

මෙම මෙහෙයුමේදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ මෘත ශරීර  සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි පරණගම  ප්‍රදේශයේදී හමුව තිබෙනවා.

මෙසේ මියගොස් මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි පියෙකු සහ දොළොස් හැවිරිදි දියණියයි. පියා වෘත්තියෙන් ගුරුවරයකු බව පොලිසිය පවසනවා. සිද්ධිය සසම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුලස්තිපුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *