අද (08) රට පුරා විරෝධතා
අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.එහි ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි.
රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලත් පැය 24 ක සංඛේත වර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. මේ අතර ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් කිහිපයක මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ ප්‍රකාශ කරයි.
මේ අතර අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමීති, ලංකා බැංකු සේවක සංගමය,ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය, ඛනිජ තෙල් පොදු සේවක සංගමය, ආදී වෘත්තීය සමිති ගණනාවක් වර්ඡනයට එක්විමට නියමීතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

