උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.
රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට ඒ සඳහා අයදුම් කළ හැකි බවද අධ්‍යාපනය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
දැනට උසස්පෙළ විෂය සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් කඩිනමින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා පියවර ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට ඉන් පසුව කටයුතු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

