Latestදේශීය

දැවැන්ත උද්ඝෝෂණයක් කැදවනවා – ජෝෂප් ස්ටාලින්

(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් රජය ගෙන ඒමට උත්සාහ දරන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ඉදිරි සති කීපය තුළ රාජ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති ගණනාවක් එක්ව දැවැන්ත උද්ඝෝෂණ, විරෝධතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසීය.

මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩපිළිවෙළ සඳහා වෘත්තීය සමිති 20කට අධික සංඛ්‍යාවක් දැනටමත් ගිවිසුම්ගතව සිටින බව කොළඹ සෞන්දර්යය කලා නිකේතනයේ පැවති සාකච්ඡාවක දී හෙතෙම කීය.

එම සාකච්ඡාවේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් සඳහා තීරණයකට එළැඹුණු බවද එය ලබන සතියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

රජය මෙම අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ හකුළා ගන්නා තෙක් මෙම ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහැරීමට තීරණය කළ බවද හේ කියා සිටියේය.

ඒ අනුව රටපුරා උද්ඝෝෂණ, විරෝධතා, වැඩ වර්ජන ඇතිවන බවද හෙතෙම සඳහන් කළේය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?