Latestදේශීය

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොමිෂන් සභාව වෙත කඳවයි

ලබන 11 වන දින දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත.

 පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කරන්නේ.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් කර ඇත්තේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙන බවයි.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් මේ වනතෙක් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නිමල් ජි.පුංචිහේවා මහතා පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *