භූතානයේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරු හමුවෙති
භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙහි දී ශ්‍රී ලංකාවේ සිදු වන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ප්‍රථමයෙන් ම අධ්‍යාපන පරිපාලන වෙනස්කම් සිදු කරමින් අරඹන බව ය.
තව ද සාර්ක් රටවල අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ ව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර ලංකාව සහ භූතානය අතර උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධන කිරීමට ද මෙහි දී සාකච්ඡා විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

