කාන්තා ක්රිකට් කණ්ඩායම පෙරලිකාර ජයක් වාර්තා කරයි
සිය ආරම්භක විස්සයි විස්ස ලෝක කුසලාණ තරගයේදී සත්කාරක දකුණු අප්රිකාව පරදා පෙරලිකාර ජයක් වාර්තා කිරිමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත්වුණා.
නායිකා චාමරී අතපත්තු ලබාගත් අර්ධ ශතකය සහ 17 හැවිරිදි විශ්මි ගුණරත්න රැස්කල ලකුණු 35 ආධාරයෙන් ලකුණු 129ක් ලබාගත් ශ්රී ලංකා කණ්ඩායම, දකුණු අප්රිකාව ලකුණු 126කට සිමාකරමින් ලකුණු තුනක තියුනු ජයක් ලබාගත්තා. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණූ 18ට කඩුලු තුනක් ලබාගත් අතර, සුගන්ධිකා කුමාරි සහ ඕෂදී රණසිංහ කඩුලු දෙක බැගින් ලබාගනිමින් තම කණ්ඩායමට විශිෂ්ඨ ලෝක කුසලාණ ආරම්භයක් ලබාදුන්නා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

