Latestදේශීය

බුත්තල බියවැද්දූ භූ චලන

ඊයේ  (10) දහවල් මොනරාගල, බුත්තල සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයක රික්ටර් මාපාංක 3.5 ක සහ 3ක පමණ සුළු භූ චලන දෙකක් සිදුවුණා.

බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශවල භූ චලන නිරන්තරයෙන් සිදුවන අතර එම නිසා ඊයේ  ඇති වූ තත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගතයුතු නැති බවයි  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ.

‍ඊයේ දහවල් 12.11ට පමණ භූ චලනයක් ඇතිවුමොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ වල ඉන් විනාඩි තුනකට පසුව එනම් දහවල් 12.14ට පමණ තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවා.

එය සටහන් වූයේ රික්ටර් මාපාංක 3.5ක් ලෙසයි.

මෙම චලනය හේතුවෙන් බුත්තල, උනාවටුන බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේගේ කොටසක් කඩා වැටී ඇති බව සඳහන්.

බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ චලන සිදුවිය හැකි බවත් දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ එම ප්‍රදේශ ආශ්‍රිතව බවත් එම නිසා මෙම භූ චලන පිළිබඳ අනියත බියක් ඇති කරගතයුතු නැති  බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භූ කම්පන විද්‍යාඥයෙකු සඳහන් කළා.

 මින් පෙර ද අවස්ථා රැසකදීම මෙවැනි සුළු භූ චලන එම ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී තිබෙනවා..

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් තවත් භූ චලනයක් සිදුව තිබෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?