Latestදේශීය

ඩෙංගු අවධානම යලිත්

වසංගත රෝග විද්‍යා අංශය පවසනේ මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බවයි.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම  අංශය සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී තිබේ.

රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් වාර්තා කළා.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද  පසුගිය මාසයේදී එම දිස්ත්‍රික්කවලින් රෝගීන් 1,000 බැගින් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

පෙබරවාරි මාසයේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 218ක්, පුත්තලමෙන් රෝගීන් 172ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද වාර්තා වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *