රනිල් නැමති දොරටු පාලකයා අපට අදාලම නැහැ – වසන්ත මුදලිගේ
69 ලක්ෂයක් ඡන්දයෙන් වගේම තුනෙන් දෙකේ බලයෙන් රට පාලනය කරමින් ජනතා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටි රජාව බලයෙන් පහකරන්න විතරක් නෙමෙයි රටිනුත් පන්නා දමන්න ක්‍රියාකළ මේ රටේ සුවහසක් අම්මලා තාත්තලා ප්රමුඛ ප්රගතිශීලී ජනතාවට හැකිවුනා නම් දොරටු පාලකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ අදාලම නැති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.
දැන් පැමිණ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ බහින කලාව බවත් දිනෙන් දින මැතිවරණ කල් දමමින් බලයේ රැදී සිටින්නට රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලබන නිර්ලජ්ජිත ක්‍රියාවලිය රට හමුවේ හාස්‍යයට ලක්වී ඇති බවත් පවසන මුදලිගේ මහතා ජනතාව මත බර පටවමින් සුරසැප භුක්ති විදින්නට රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආන්ඩුව ගනු ලබ සියලු උත්සාහයන් පරාජය කරන්න ජනතාව සමගින් අරගල කරන බව වැඩිදුරටත් පවසනවා.
වසන්ත මුදලිගේ මහතා මෙම අදහස් පල කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

