අප්‍රේල් දක්වා බොර තෙල් ප්‍රමාණවත්: ඛනිජ තෙල් සංස්ථාව
අප්‍රේල් මාසය වන තෙක් ප්‍රමාණවත් බොර තෙල් තොග තමන් සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වෙතින් දිනකට ඉන්ධන බැරල් තිස් දහසක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.
එම ඉන්න තොග සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පසුව මුදල් ගෙවන බව ද ඔහු සඳහන් කළා.
නැප්තා සහ තවත් ඉන්ධන වර්ග කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදෙන අතර අතිරික්ත පිරිපහදු ඉන්ධන තොග මේ වන විට ගබඩා කරමින් සිටින බවද ,එසේ ගබඩා කරමින් පවතින පිරිපහදු ඉන්ධන තොග නැව් මගින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වෙත යොමු කිරීමට නියමිත බවද එම ජේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

