Latestදේශීය

GSP+ අහිමි වෙන්නයි යන්නේ

මැතිවරණය පැවැත්වූයේ නැතිනම් අපේ GSP+ සහනය අහිමි වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස් වරයා මැතිවරණයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ මැතිවරණය සාර්ථක කරගන්න සියලු රාජ්‍ය ආයතන ඊට සහයෝගය ලබා දෙන්න ඕනි.එහෙම සහයෝගය ලබා දෙන්නේ නැතිනම් , සහයෝගය ලබා නොදෙන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානින්ට වසර තුනක් දක්වා සිර දඬුවම් නීති මාර්ග ඔස්සේ ලබා දෙන්න පුළුවන්.

අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ මුදල් අමාත්‍යාංශය කියනවා මුදල් ලබා දෙන්න බෑ කියලා.රජයේ මුද්‍රණලාධිපති කියනවා ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න බෑ කියලා.රජයට වගකීමක් තියනවා මැතිවරණයට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබාදෙන්න.පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා.නාමයෝජනා දීලා,මුදල් වියදම් කරලා,රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වෙලා.

ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.ICC PR යටතේ මැතිවරණය පැවැත්වූයේ නැතිනම් අපේ GSP සහනය අහිමි වෙනවා.දැනටමත් ජපානය,ජර්මනිය වැනි රටවල් අපේ රටේ ව්‍යාපාර අත්හැරලා යනවා.මොකක්ද මේ කරන්නේ’

– Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *