අද (24) ජන්දය ගැන රැස්වීමක්
මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.
එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බව එහි සාමාජිකයින් 05 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගියදා රටට ප්‍රකාශ කළ බවයි.
එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් 5 දෙනාම අත්සන් යොදා ඇති බවත් ඔහු වැඩිදුටත් සදහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

