Latestවිදේශීය

රුසියා – යුක්‍රේන ගැටුමට වසරක් සපිරෙයි

රුසියාව යුක්‍රේනය තුළ ආරම්භ කළ විශේෂ හමුදා මෙහෙයුමට අදට වසරක් සපිරෙයි.

යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා විසින් එම විශේෂ මෙහෙයුම ආරම්භ කළේය.

ගතවූ වසර තුළ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොර්ෂියා යන කලාප ඇතුළු යුක්‍රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබේ.

පසුගිය කාලය තුළ පැවැති යුද්ධයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් වෙයි.

සර්ප දූපත අත්පත් කරගැනීම, ලොව විශාලතම යුක්‍රේන ගුවන් යානය විනාශ වීම, රුසියාවේ මොස්කාවා නෞකාවට ප්‍රහාර එල්ල වීම, මරියොපෝල් වානේ කම්හල අත්පත් කර ගැනීම, ක්‍රිමියානු පාලමට යුක්‍රේනය පහරදීම සහ ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් සමස්ත යුක්‍රේනයටම මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඒ අතර වෙයි.

ඊට අමතරව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වීමද යුද්ධය තුළ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැළකෙයි.

යුක්‍රේනයට අමෙරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන් යුධ ටැංකි ඇතුළු බර අවි සැපයීම මෙන්ම පුහුණුව ලබාදීම සිදුකෙරෙන  අතර මේ හේතුවෙන් යුක්‍රේන රුසියා ගැටුම, නේටෝ – රුසියා ගැටුමක්  දක්වා වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවද වාර්තා වෙයි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *