Latestදේශීය

පොලිස් ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

ජාතික ජන බලවේග ඊයේ (26) පැවැත්වූ විරෝධතාවයට කැරලි මර්දන පොලිසිය යොදවා එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් 28 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයිද මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට දැනුම්දී ඇත.

පොලිස්පතිගේ වාර්තාවේ කරුණු පදනම් කර ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බවද එහි සඳහන් වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවයි.

ඉබ්බන්වෙල හන්දියේ සිට කොම්පඥ්ඤ වීදිය දෙසට ගමන් කිරීම වලක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණද පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතා පාගමනට පහරදෙනු ලැබූවේ අධිකරණයෙන් තහනම් නොකළ සීමාවේදීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *