Latestදේශීය

අද කාලගුණය 

අද දිනයේ දිවයිනේ වැසි තත්ත්වය තරමක වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවයි.

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තව දුරටත් සදහන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියාවක් පවතී

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *