Latestදේශීය

කොළඹ මහල් නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනයට පියවර

කොළඹ නගරයේ මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනයට මසක් ඇතුළත පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

පසුගිය දා කොළඔ නිවාස සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරික්ෂණය කිරිමට ගිය අවස්ථාවේ එම නිවාස වල ඇති ගැටලු කිහිපයක් හදුනාගෙන ඇති බවයි.ඒ හේතුවෙන් කොළඔ නගරයේ පිහිටා ඇති කාලිංග මාවත -කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති නිවාසයි.

මහල් නිවාස ව්‍යාපෘතිවල පවතින මලාපවාහන පද්ධති වැඩි දියුණු කිරීමට ද අවධානය යොමු විය. ඇතැම් නිවාස ව්‍යාපෘති වල විවිධ අක්‍රමිකතා සිදුවන බවත්, අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් නිවැසියන් විසින් සභාපතිවරයා දැනුවත් කෙරිණ. ඒ අනුව පවතින අඩුපාඩු සහ ගැටළුවලට මාසයක් ඇතුළත විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එහි නිළධාරීන්ට දැනුම් දුන්නේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?