Latestවිදේශීය

කැනඩාවේත් Tik Tok තහනම්

චීනයේ නිෂ්පාදිත Tik Tok ජංගම දුරකථන යෙදවුම , සිය රට තුල භාවිතා කිරීම තහනම් කිරීමට කැනඩා රජය විසින් පියවර ගෙන තිබෙනවා.

 අද සිට  තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැනඩා රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

 මේ අතර ඇමෙරිකාව විසින් ද පසුගිය වසරේ අග භාගයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ෆෙඩරල් සේවකයින්ට ද Tik Tok යෙදවුම තහනම් කිරීමට පියවර  ගනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *