Latestදේශීය

අද (01) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා විරෝධතා

රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (01) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හා විරෝධතාවල නිරත වේ. මේ සදහා වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක් එක් වී ඇති බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, බදු පනතට විරෝධය පළ කරමින් දිවයිනේ ස්ථාන 12 ක විරෝධතා පැවැත්වෙන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු විදුලි බල මණ්ඩල සේවකයින් ද ,බැංකු සේවකයින් ,වරාය සේවකයින්,ජල සම්පාදන සේවකයින්ද, අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා, රජයෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එම සාකච්ඡාව ද අසාර්ථක විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *