Latestදේශීය

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් යෝජනාවක් සමග අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇත.

 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා ප්‍රකාශ කළේ, මෙය රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක වන වැඩසටහනක් බවයි.

න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළා.

රුසියාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනාව පසුබිම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මෙම බලාගාරය භූමිය තුළ ඉදිකරීමට හෝ නෞකාවක සවිකර මුහුදේ තබා ක්‍රියාත්කමක කිරීම පිළිබඳව තවමත් තීරණය කර නොමැති අතර අවබෝධතා ගිවිසුම අනුව රුසියානු කණ්ඩායමක් මගින් එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත.

වසර තුනක පමණ කාලයක් තුළ මෙරට කණ්ඩායමක් ඒ සඳහා පුහුණු කිරීමටද යෝජිතව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *