රට අරාජික වුනේ ගෝඨාභයගේ උපදේශකයින් නිසා – රුවන් විජේවර්ධන
රට අරාජික වූයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ගේ වැරදි උපදෙස් නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නොවන බව ද හෙතෙම සිරිකොතේ දී පැවති උත්සවයක් අමතමින් පැවසීය.
නුදුරේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට හැකියාව ලැබෙන බවත් එවිට තවත් රටවල් ගණනාවක් ලංකාවට උදවු කිරීමට සූදානම් වී සිටින බවත් හෙතෙම පැවසීය.
ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, චීනය වැනි රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට ආධාර දීමට බලාගෙන සිටින බවත් ත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු පසු එම සහයෝගීතාවය ලැබෙනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

