විදේශ සේවා කාර්යාංශයේ නීතිරීති දැඩි කෙරේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට හා පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන ජාවාරම් හා මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමත් විගමණික ශ්රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමත් අරමුණු කරගෙන එම පියවර ගෙන ඇති බවයි.පුද්ගල වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ උපක්රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්රීයාවලියකින් තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බවයි.
විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් පුද්ගල වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

