Latestදේශීය

ඡන්දය  පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබද තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කරන්නේ පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී තීරණයකට පැමිණීමට නියමිත බවයි

මැතිවරණ ‍කොමිෂම මීට පෙර සඳහන් කළේ කොමිෂමෙන් පිටත පවතින ගැටලුකාරී තත්ත්වයන් මත මාර්තු 09 වනදා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

ඒ අනුව අද දිනයේ දී ඡන්දය පැවැත්වීම පිළිබඳව නව තීන්දුවක් ගැනීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *