ජී එල් පීරිස් ඉවතට
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව එම තීරණය ගත් බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බවද පක්ෂ ලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නාමයන් සලකාබලමින් සිටින අතර සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

