Latestදේශීය

ආසියවේ දෙවන ඉහළම විදුලි මිළ අපේ – විශේෂඥ සියඹලාපිටිය

ආසියාවේ දෙවන ඉහළ ම විදුලි මිල ක්‍රියාත්මක වන්නේ ලංකාවේ බව ත් විදුලි නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීම සඳහා මෙරට පාලකයන් සතුව නිසි විසඳුම් නොමැති බව ත් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය චෝදනා කරයි.

රටක් ලෙස අර්බුදයෙන් ගොඩයාමට අවශ්‍ය කිසිදු සාර්ථක පියවරක් මේ මොහොතේ ක්‍රියාත්මත නොවන බව ද හෙතෙම කීය.

ඉතිහාසයේ මීට පෙර විදුලි බිල වැඩි කළ අවස්ථාවලදී දේශපාලන අධිකාරිය ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් ජනතාවට ලබා දුන් නමුත් මෙවර එවන් කිසිදු සඳහනක් හෝ පැහැදිලි කිරීමක් නොමැති බව ද ඔහු පැවැසීය.

මෙගාවොට් 500ක් ගනු ලබන්නේ ඉන්ධන මගින් බවත් ඒ ප්‍රමාණය සාම්පූර්වලින් පැමිණෙන්නට නියමිතව තිබුණ නමුත් එය ක්‍රියාත්මක නොවූ බව ත් මිල වැඩි වීම ජනතාවට ගෙවන්නට යැයි ආණ්ඩුව පවසන්නේ මෙවන් පසුබිමක සිට බවත් ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වයඹ ශාඛාව හා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය එක්ව සංවිධානය කළ වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

(මව්බිම)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *