Latestදේශීය

පාන් මිල රුපියල් 10 කින් අඩු වෙයි

අද (08) මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් .කේ. ජයවර්ධන මහතා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවා.

මේ වනවිට පාන් රාත්තලක් රු.150 – 180 දක්වා විවිධ මිල ගණන් වලට අලෙවි කරන බවද ඒ ඕනෑම මිලකින් රු.10 ක් අඩුවෙන් පාන් අලෙවිකළ යුතු බවද ජයවර්ධන මහතා සඳහන් කළා.

නමුත් රෝස් පාන් ඇතුළු වෙනත් බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

අද (08) සිට තිරිඟු පිටි මිල ද අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *