Latestදේශීය

ව්‍යාජ මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

පුදුකුඩිඉරිප්පු හි පිහිටි 68 වන යුද හමුදා සේනාංකයේ නිලධාරීන් හා මුලතිව් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සමග මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිස් මුලස්ථානය පැවසුවේ ඔහු සතුව ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් පමණ තිබූ බවයි.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද එම ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *