ෂී ජින් පිං තෙවැනි වරටත් ජනාධිපති ධුරයට
චීන ජනාධිපති ෂී ජින් පින් තෙවැනි වරටත් එරට ජනාධිපති ධුරය සඳහා පත්කර තිබේ.
ෂී මහතාගේ බලය ලැබෙන්නේ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ (CMC) සභාපති වීමෙන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බවය.
ඒ අනුව ෂී ජින් පින් චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව බිහිවූ බලවත්ම නායකයා බවට සැළකේ.
චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කරන ලදී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

