Latestදේශීය

ඩොලර් බිලියන 03 ලැබෙනවා – රංජිත් සියඹලාපිටිය

වසර 04 ක් තුළ 08 වතාවකදී ඩොලර් බිලියන 03 ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිතව ඇත්තේ ආර්ථිකමය සහතිකයක් පමණක් බවට සති අන්ත පුවත්පතකට ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් රුවන්වැල්ලේදී අද මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව රුපියල ශක්තිමත් කර ඇති බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ප්‍රතික්ෂේප කළ අතර එහි සත්‍ය අසත්‍ය ජනතාවට පැහැදිළි කළේය.

ඩොලරය අවප්‍රමාණය වී රුපියල ශක්තිමත් වීම නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවන බවටත්,ඩොලරයේ වටිනාකම අඩුවීම නිසා විදේශ ශ්‍රමිකයන් විසින් එවන විදේශ මුදල් ප්‍රමාණය අඩුවන බවටත් වන අදහස සම්බන්ධයෙන්ද ජනතාවට පැහැදිළි කර දුන්නේය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *