Latestදේශීය

අද (15) වර්ජනය ක්‍රියාත්මකයි

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වැඩවර්ජනය අද දින ක්‍රියාත්මක කර ඇත.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (15) මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය සංවිධානය කර තිබේ.දිවයිනේ සෑම රජයේ රෝහලකම මේ වනවිට වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අතර ෙමම වර්ජනයට වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටින බව වාර්තා ෙව්.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි. එමෙන්ම වරාය සේවකයින්ද ,දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක්ද මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිෙබන බව වාර්තා ෙව්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *