වෛද්‍ය, බැංකු, වරාය ගුරු, විදුහල්පතිවරු යළි සේවයට… විශ්වවිද්‍යාල, විදුලිය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අඛණ්ඩ සටනේ
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය සඳහන් කළේ, පෙරේදා දිනයේ සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරිමේ ව්‍යාපාර ලබන 21 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ, තම සංගමය අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බවයි.
මේ හේතුවෙන් අද දිනයේත් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට බාධා සිදුවුණු අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බැන්නහැක මහතා පැවුසවේ, සිය සංගමය තවදුරටත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ කටයුතුවලට සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් බදු, බැංකු පොලී, ජීවන වියදම් දීමනා ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන ආරම්භ කළ වැඩ වර්ජනය වෘත්තිය සමිති රැසක් අද උදෑසන තාවකාලිකව අවසන් කළේ ය.
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා වෙත ජනාධිපති ලේකම්වරයා එවා ඇති ලිපියක් පදනම් කරගනිමිනි
ඊයේ ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින් , බැංකු නිලධාරීන් , ඛනිජ තෙල් , ජල සම්පාදන , මාර්ග සංවර්ධන , අධ්‍යාපන පරිපාලන , මිනින්දෝරු , දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක් එක්ව සිටියේ ය.
ඔවුන් ප්‍රකාශ කළේ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36 %දක්වා පනවා ඇති උපයනවිට ගෙවීම් බද්ද ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් දැඩි අර්බුදයකට පත් කර ඇති බවයි.
කෙසේ වෙතත් සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව පවසමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ එක් පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අවසන් කළේ, අද පෙරවරු 8ටයි.
දිමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 6.30ට තාවකාලිකව අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව ද ප්‍රකාශ කළේ ය.
වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරු 7ට.00 අවසන් වූ අතර විදුලි සේවකයින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජන ක්‍රියා මාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේන් අවසන් විය.
මේ අතර අද පෙරවරුවේ බැංකු කටයුතු ද සාමන්‍ය පරිදි සිදු වූ අතර , වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුවට සහය පළ කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ද ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව තැපැල් එකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.
අද දිනයේ දුම්රිය ධාවනය ද යථා පරිදි සිදු කෙරුණ අතර දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවසන් කළ බව ලොකොමෙටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු කොන්තසිංහ මහතා සඳහන් කළේ ය.
ගුරු ,විදුහල්පති සංගම් ද වර්ජනයෙන් ඉවත් වී ඇති අතර අද දිනයේ සාමාන්‍ය පරිදි රජයේ පාසල්වල කටයුතු සිදු විය.
ඊයේ දිනයේ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිය සමිති රැසක් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ , රුපියල් විසිදහසක ජිවන වියදම් දිමනාවක් ලබා දිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමිනි.
@News 1st