Latestදේශීය

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ මස 23 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් සේවයට එක් වූයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු වශයෙනි.

ඔහු නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අයෙකි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *