Latestදේශීය

ඉන්දියාවෙන් පළමු බිත්තර තොගය මෙරටට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා සඳහන් කළේ අදාළ බිත්තර තොගය අද(23) අළුයම දිවයිනට ළඟාවී ඇති බවයි.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *