අනුර කුමාරගේ ප්‍රජා අයිතියට මහින්දානන්ගේ කුරුමානම
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අබේරත්න කොමිෂන් සභා වාර්තා අනුව නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. රජයේ දේපළ අවභාවිතා කර ඇති බවට එල්ල වූ චෝදනා මත මෙම නිර්දේශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පසුගිය 2015 යහපාලන සමයේදී දුෂන මර්ධන කමිටුවේ අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් වරයෙක් වූ ආනන්ද විජේපාල නම් අයෙක් බවත් ඔහුට 1,200,000 වැටුපක් අවුරුදු තුනක් තිස්සේ ලබා ගෙන ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

දූෂණ මර්දන කමිටුව 2015දී යහපාලන ආණ්ඩුව විසින් පිහිටවූ පසු එහි සභාපති ලෙස කටයුතු කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කමිටුවේ අධ්‍යක්ෂවරයෙකු වූ ආනන්ද විජේපාල මහතා අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්ව සිටි අයෙක් බවද හෙතෙම කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

